කන්න බොන්න කලින් එන්න

Cassarole Chinese Restaurant – Anuradhapura අනුරාධපුරයේ සුපි චීන කැම අවන්හල කැසරෝල්

banner

අනුරාධපුර අයිතිහාසික නටඹුන් බලන්න චාරිකාවක් ආවොත් කැම ගන්න හොඳ තැනක් තමයි කැසරෝල් කියන්නේ.ඔවුන් අවන් හල් දෙකක් කැසරෝල් නමින් පවත්වාගෙන යනවා .අපි අද කියන්න යන්නේ මයිත්‍රීපාල සේනානායක මාවතේ දෙවෙනි මහලේ පිහිටා තියන කැසරෝල් අවන්හල ගැන.මෙහි පහල මහල ෆැමිලි සුපර් නමින් සුපර් මාකට් එකක් ලෙස පවත්වාගෙන යනවා.නගරයේ ඕනි කෙනෙක් මෙතන දන්නේ ෆැමිලි සුපර් නමින්.රසවත් දේශීය සහ චීන ආහාර සොයාගෙන දේශීය අය මෙන්ම විදේශිකයිනුත් කැසරෝල් වෙත පැමිනෙනවා

වටපිටාව

cassarole0

මෙහි බිම් මහලේ වාහන නතර කරන්න පුලුවන් තැනක් තියනවා.සති අන්තයේ හැරෙන්න අනික් වෙලාවට නම් මෙහි වාහන නතර කරන්න පහසුවෙන් පුලුවන්.ඇතුලත හොඳින් ඒ සී කරලයි තියෙන්නේ.සැප පහසු මේස සහ පු‍ටු වලින් යුක්තයි.ඇතුලත වැඩි කලබලයක් නෑ.හොඳින් පවත්වාගෙන යනවා.ටිකක් නිදහස් ගතියක් දැනෙනවා.ඒ වගේම හොඳින් පිරිසිදුව ඔවුන් මෙතන පවත්වාගෙන යනවා.එකවර 70කට වගේ මෙතන කැම ගන්න පුලුවන්.

බඩජාරි මෙනුපත.

මෙතන මෙනු එක ටිකක් විතර ලොකුයි.කොහොම උනත් කැම තීරනය කරලා ඔවුන් ගෙන් විමසන්න වේවි ඒ කැම වර්ග තියනවද කියලා. මොකද මෙතන මෙනු එකේ තියන කැම වර්ග හැමවෙලේම ඔවුන් සතුව නෑ.කොහොම උනත් දේශීය සහ චීන කැම වර්ග වලින් යුක්ත මෙනු එකක් තමයි මෙතන තියෙන්නේ.විවිද සුප් වර්ග ස්ටාටර් මෙහි ගන්න පුලුවන්.ප්‍රධාන ආහාර වේලකට යනවා නම් චීන ක්‍රමයට රයිස් වර්ග ඉතා රසවත්.අනුරාධපුර නගරයේ චීන කැම රසවත්ම මෙතන වෙන්න ඕනි.. ඒ වගේම ග්‍රිල් කල හතු තම්බපු එලවලු එක්ක ඉතා රසවත්.එහි හතු ඉතා රසට තියනවා.එයට ලැබෙන සෝස් එකත් කදිමයි.චිකන් රයිස් එකක් කන්න ගන්නව නම් මිල 320ක් වගේ වෙනවා.එලවලු ෆ්‍රයිඩ් රයිස් එකක් 260ක් වගේ වෙනවා. ඒ අතර මිල පරාසය නම් වැඩියි.

cassarole1

ඩෙසර්ට් එකට වටලප්පමක් කෑවොත් 150ක් වෙනවා.අපි නිර්දේශ කරන්නේ පලතුරු බීමක් බොන්න.අනුරාධපුරයේ නැවුම් පලතුරු රස සහිත ප්‍රනීත බීම වර්ග ඔවුන් සපයනවා.

cassarole3
මෙහි මිල ගනන් ගැන කිව්වොත් සාමාන්‍ය මිලට වඩා ටිකක් වැඩියි.කොහොම උනත් ගෙවන මිලට ලොකු ප්‍රමානයක් හම්බවෙනවා. ඒ රයිස් එකක් එහෙම පොඩි බඩජාරි දෙන්නෙක්ට ඇති වේවි.දෙන්නෙක්ට හොඳට කන්න 1200ක් වගේ යාවි.

සේවාව

ඔවුන්ගේ සේවාව ගැන කිව්වොත් මෙහි වැඩ කරන අය ඔබගේ කැමැත්තට අනුව හොඳින් ඇහුම්කම් දීල ඕනි දේවල් මේසයට ගෙනත් දේවී.කෑම ගන්න අතර තුරත් කැම මේසය ලඟට නිතර නිතර එන එක නම් ටිකක් විතර කරදරයක් වගෙයි තේරෙන්නේ. කොහොම උනත් ඔබ කෑම ඉල්ලලා විනාඩි 15ත් 20ත් අතර කාඅලයක් බලා ඉන්නට සිදුවේවි කෑම මේසයට එන්නට නම්. ඒක නම් ටිකක් වැඩියි වගේ. ඒ හැර ඔවුන්ගේ සේවාව ගැන වරාදක් කියන්නට බෑ.

මග

මෙතනට එනවා නම් මයිත්‍රීපාල සේනානායක මාවතේ එන්න ඕනි.දහයියාගම හඳියේ ඉඳන් නගරය පැත්තට යනවිට පාරෙන් වම් අත පැත්තේ හොයාගන්න පුලුවන් වේවි.නගරයේ අයෙක්ගෙන් අහනවා නම් ෆැමිලි සුපර් එක තියන තැනට පාර අහන්න .නොදන්න් කෙනෙක් නෑ

ඔබත් අනුරාධපුර නගරයේ සංචාරයකට ආවොත් රසවත් චීන ආහාර වේලක් කන්න ඇවිත් යන්න හොඳ තැනක් තමයි කැසරෝල් කියන්නේ


Leave a Reply

Your email address will not be published. Required fields are marked *