කන්න බොන්න කලින් එන්න

අතේ ඇති මිලට බඩපිරෙන්න කන්න එන්න කලුබෝවිල Candle Light Hut

banner

නුගේගොඩ නගරයට ආසන්නව පාකිස්ථානු ක්‍රමයට ආහාර පිරිනමන අවන්හලක් ගැනයි අපි අද කියන්න යන්නේ.මේ අවන්හල නමින් කැන්ඩල් ලයිට් හට්.පාකිස්ථානු කෑම වලට අමතරව ඉන්දියානු ක්‍රමයට හදන කෑම වර්ග ගනන්කුත් මේ අවන්හලට ආවොත් කෑමට ගන්න පුලුවනි.අතේ ඇති මිලට බඩ පිරෙන්න කන්න යන්න හොඳ තැනක් විදියට මේ Candle Light Hut එක හඳුන්වන්න පුලුවනි.

වටපිටාව
candle2
මේ අවන්හලට කුඩා ප්‍රමානයේ අපාකිං එකක් තියනවා.ගොඩක් වෙලාවට මේ පාකිං ඉඩ නම් පිරිලයි තියෙන්නේ.ඔබ වාහනයකින් ආවොත් මෙතන පාකිං පහසු කම හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක් වේවි.

අවන්හල ඇතුලට ගියොත් මෙහි වහලය ටිකක් වෙනස් විදියකට සකස් වෙලා තියෙන්නේ.එක කවාකාර වහලයකින් තමයි සමන්විත වෙන්නේ.පුන්චි ආලෝක බුබුලු දල්වලායි තියෙන්නේ.රාත්‍රී කාලයකට ඔබ මෙහි ආවොත් මේ එලියේ රාත්‍රී ආහාර වේල ගන්න උලුවනි.මේ අවන්හලේ නමට අනුව ඉටිපන්දම් එලිය මේ ආලෝකය වෙන්න ඇති.අවන්හල ඇතුලත හොඳින් පිරිසිදුව පවත්වාගෙන යන බවක් පේනවා.ලී මේස වල තමයි ආහාර ගන්න තියෙන්නේ.ගොඩ දෙනෙක්ට එක වර ඉඳගෙන කන්න පුලුවන් පහසුකම් මේ අවන්හලේ පවතිනවා.දිනයට අදාලව ප්‍රමෝශන් එකක් දිනයට අදාල විශේශ කෑම වට්ටෝරුවක් තියනවා නම් ඔවුන් ඒ බව කලු ලෑල්ලක දර්ශනය කරනවා

මෙනුපත

මේ අවන්හලේ අපි කලිනුත් කිව්වා වගේ ප්‍රධාන ලෙසම තියෙන්නේ පාකිස්ථානු පන්නයේ කැම .ඊට අමතරව දේශීය කෑම වර්ග ඉන්දියානු කෑම වර්ගත් කන්න ගන්න පුලුවනි.සබ්මැරීන් burger වර්ග වගේම චීන සහ ඉතාලියානු කෑම් වර්ගත් මේ අවන්හලට ආවොත් කන්න ගන්න පුලුවනි.

andle66
ඔබ මෙහි ආවොත් ඔවුන්ගේ පරාතා බිරියානි වගේ පාකිස්තාන් ක්‍රමයට හදාපු කෑම වර්ග කන්න ගන්නව නම් වෙනසකට හොඳයි.බිරියානි වර්ග චිකන් බීෆ් මට්න් විදියට කන්න ගන පුලුවනි.ඒවා 350-500 අත මිලකට තමයි කන්න ගන්න පුලුවන්.කැම ඉතා රසවත් කියන්න පුලුවනි.ච්කන් එක එහෙම නියම ගානට රසට තියනවා.ඒ වගෙම ඊට ලැබෙන ක්‍රීම් එකත් එක්ක බිරියානි බත් එක ඉතා රසවත්.
candle3
ඔබ මෙහි ඇවිත් පරාට වගේ කනව නම් චිකන් කඩායි වගේ එකක් එක්ක කන්න ගන්න.මේ හොද්ද ඉතා ම උකුවට සහ රසට තියෙනවා.පකිස්ථානු ක්‍රමයට හදාපු මේ පරාටා එක්ක නියමෙට ගැලපෙනවා මේ කඩායි එක.ඒ වගේම චිකන් ටික්ක මසාලා ඩිශ් එක උනත් වරදක් නෑ.ටික්ක මසාලා ඩිශ් බීෆ් විදියටත් කන්න ගන්න පුලුවනි.ඒවා 400-500 අතර මිල සීමාවේ පවතින්නේ.
candle44
මීට අමතරව ෆ්‍රයිඩ් රයිස් වෙජිටබල් ඉඳන් ච්කන් එග් බීෆ් ඉස්සෝ සීෆුඩ් මික්ස් රයිස් වගේ විවිද විදියට කන්න ගන්න පුලුවන්.ඒ වා 250-500 අතර මිලක තියනවා.ඒ වගෙම ලොකු චයිනෙස් මෙනු එකකුත් ඔවුන් සතුයි.කොහොම උනත් මේ මෙනු එකේ තියන කැම හැම වෙලේම ඔවුන් සතු නෑ.ඉතින් කලින්ම මේ වැඩ කරන අයගෙන් ඇහුවනම් හොඳයි මේ අවන්හලේ කෑම ගැන.
candle1
මේ අවන්හලේ පෝශන් ඉතාම ලොකුයි.උදාහරනයක් ව්දියට බිරියානි එකක් දෙන්නෙක්ට ඇති. ඒතරමට පෝශන් ලොකුයි.කරි ඩිශ් එකක් උනත් හතර දෙනෙක්ට ඇති වෙන්න තියනවා.එහෙම බලනකොට මෙහ් කැම ගෙවන් මිලට ඉතා සාධාරනයි.

සේවාව

මේ අවන්හලේ සේවාව ගැන නම් එතරම් හොඳක් කියන්න බෑ.මෙහි සේවයට ඉන්නේ ටිකක් කම්මැලි සෙවකයන් ටිකක්.ඔවුන් එතරම් කඩිසර නම් නෑ.ඒ වගෙම මෙහි එන අය කෙරේ ලොකු උනන්දුවකින් කටයුතු කරාන්නේ නෑ.ඔවුන් ඩිලිවරි සේවාවකුත් පවත්වාගෙන යනවා.අපි හොයාගත්තු විදියට නියම වෙලාවට කැම බේදාහරින්නෙත් නෑ.කොහොම උනත් ඔවුන් බිලට සේවා ගාස්තු නම් අය කරනවා.

මග

Inline image 1
මේ අවන්හල පිහිටනේ කලුබෝවිල නගරයට කිට්‍ටුවෙන්.හරියාම කියනවා නම් කලුබෝවිල රෝහල ගාව ඉඳන් මීටර් 350ක් වගේ දෙහිවල පැත්තට යනකොට පාරෙන් වම් අත පැත්තෙයි මේ අව්නහල පිහිටන්නේ

මේ අවන්හල දිවා සහ රාත්‍රී වරු වලට තමයි ආහාර පිරිනමන්නේ.ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 0114386000.ඔබේ අතේ ඇති මිලට ඇති වෙන්න කන්න යන්න හොඳ තැනක් විදියට මේ අවන්හල නම් කරන්න පුලුවනි.ඔබත් මේ පැත්තේ ආවොත් මේ Candle Light Hut එකට ගොඩ වෙලා රසවත් කැම වේලක් කන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *