කන්න බොන්න කලින් එන්න

Burger’s King – Union Place ( බර්ගර්ස් කින්ග් )

banner

ඔබ කොලඹ ඇවිත් යායුතුම බර්ගර් කඩයක් ගැන කාගෙන් හෝ ඇහුවොත් ලැබෙන සීමිත පිලිතුරු අතරේ තියන නමක් තමයි බර්ගර් ස් කින්ග් කියන්නේ. මැදින් තියන හල් සයන්න නිසයි මේ බර්ගර් අවන්හල ලෝ ප්‍රකට බර්ගර් කින්ග් නාමයෙන් වෙනස් වෙන්නේ. නාමය කොහොම උනොත් කොලඹ වීදියේ සැරිසරන හොඳ බඩජාරියෙක් යායුතුම ෆාස්ට් ෆුඩ් කඩයක් තමයි යුනියන් ප්ලේස් හි පිහිටි බර්ගර්ස් කින්ග් කියන්නේ.

වටපිටාව

මෙතන ඉඳන් කන්න නම් අපි ඔබට කියන්නේ නෑ..ඒත් අසල ඔවුන්ගේම කෑම කන්නට වෙනම තැනක් තියෙනවා.ඔබට එතන ඉඳන් උනත් කන්න නම් පුලුවන්.ඒත් ඉතින් නගරයේ දූවිලි පිරුනුපාර අයිනේ රසම රස බර්ගර් එකක් කන්න වටපිටාව නම් හොඳ එකක් නෙවෙයි.මෙතන ගොඩක් ජනප්‍රිය පොඩි පහේ බර්ගර් හට් එකක්. ඉතින් හැම වෙලේම බර්ගර්ස් කින්ග් බඩජාරින්ගෙන් පිරිලා. ටිකක් ගෝශාකාරී.ඒත් මේ කෑම රස ඒ ගෝශාකාරී බව කලබලය පරයා නැගී සිටිනවා .

බඩජාරි මෙනුපත

burgersking

ගොඩ දෙනෙක් මෙතනට එන්නේ චිකන් බර්ගර් එකක් කන්න බලාගෙන. ඇත්තටම එය ඉතාම රසයි.යහමින් දැවුනු කුකුල් මස් පිරවුමක් සමග සලාද කොලයක් තක්කාලි සෝස් සහ මයෝනිස් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සමග මනා සංකලනයක් . එය වචනයෙන් විස්තර කල නොහැකි තරම් ප්‍රනීතයි.ඒත් ලොකු බඩජාරියෙක් ට නම් බර්ගර් දෙකක් නම් කන්න වෙනවා. එම චිකන් බර්ගර් එකක් 260ක් වගේ වෙනවා.බීෆ් බර්ගර් එකත් ඇත්තටම රසයි.හැම බර්ගර් එකකම පිරවුම ලෝබ නැතුව කරලා තියනවා.. ඒ බව හැම බර්ගර් එකකම දකින්න පුලුවන්.

ඔබ මෙහි එනවා නම් තවත් රස බැලිය යුතුම කෑමක් තමයි ශවර්මා එක.එහි රසයත් ඉස්තරම්.එය රුපියල් 280ක් බාබකිව් කල කුකුල් මස් සමග පිරවුනු මිශ්‍රනය රස නහර පිනා යනවා. ඒ වගේමයි චිකන් ගාමන් බර්ගර් එකත්. බර්ගර් එකේ රසයට ටිකක් වෙනස් රසයක් එහි තියනවා. ඒකක් රුපියල් 310ක් වගේ වෙනවා. ඔබ සී ෆුඩ් වලට කැමති බඩජාරියෙක් නම් ඉස්සො බර්ගර් එකත් ඉතා රසවත්. ඒකත් ඔබ අනිවා රස බැලිය යුතුමයි.

burgersking1

අපේ බඩජාරි කන්ඩායමේ රස පිරි නවාතැනක් තමයි බර්ගර්ස් කින්ග් කියන්නේ. ඉතින් අපි තවත් කැමති ම බර්ගර් වර්ග කිහිපයක් කියන්නම් ඔබත් රස බලනවා නම්.චිකන් චාර්ලි බර්ගර් එක,කෝර්ඩ්න් බ්ලූ බර්ගර් එක,හොට් ඩෝග් පීස සබ්මැරින් එක ඒ ගොඩට දාන්න පුලුවන්.පොඩි අවුලකට ඩහෙනුනේ මෙහි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක පොඩ්ඩක් විතර ලුනු රසින් වැඩියි.. මෙහි මිල ගනන් හැමෝටම දරන්න පුලුවන් මට්ටමේ තියෙන්නේ.සියලුම කෑම වර්ග 200-400 අතර සීමාවේ පවතින්නේ. ඒක නිසා සාක්කුවට වැඩි බරක් නොවී බඩ පුරවගන්න පුලුවනි.

සේවාව.

බර්ගර්ස් කින්ග් එකේ වැඩකරන අය ඔබට ඉක්මනින් බර්ගර් එක ගෙනත් දේවෛ.ඔවුන් ඇහුම්කන්දෙන සුලුයි. විනාඩි දහයකට මෙහා කාලෙදි ඔබට අවශ්‍ය දේ ලැබෙයි.කොහොම උනත් කාර්‍ය බහුල වෙලාවකට නම් ටිකක් ඔබට ඉවසීම ප්‍රගුන කරන්න වෙනවා. ඔබ වාහනේ ඉඳන් කෑම ඉල්ලුවත් ඔවුන් ඔබට අවැසි දේ ගෙනත් දෙන්න ප්‍රමාද වෙන්නේ නෑ. නමුත් ප්‍රවේසමෙන් .එතන ලොකු වංගුවක් සමග නිසා කොයි වෙලේ පොලිස් නිලධාරියෙක් ලඟට ඒවිද දන්නේ නෑ.

මග.

ඔබ මෙතනට එනවා නම් යුනියන් ප්ලේස් එකට ඇවිත් එතනින් තිබෙන වෙලන්ස් වීදියේ එන්න ඕනි.වෙලන්ස් වීදියට ඇතුල් වෙනකොටමයි බර්ගර්ස් කින්ග් පිහිටන්නේ.

ඔබත් අනිවර්‍යෙන් එන්න Burgers King Union Place. ඇවිත් රස බලන්න බර්ගර් එකක.රස කොහොමද කියලා අපවත් දැනුවත් කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *