කන්න බොන්න කලින් එන්න

Burger Chief Matale මාතලේ පිහිටි සුපිරි බර්ගර් අවන්හල බර්ගර් චෙෆ්

banner

අද අපි කියන්න යන්නේ මාතලේ නගරයේ පිහිටි බර්ගර් අවන්හලක් ගැන.මෙතන නමින් බර්ගර් චෙෆ් .ඉතාම රසවත් බර්ගර් කන්න පුලුවන් හොඳ තැනක් කියලා මෙතන හඳුන් වන්න පුලුවනි.දුර යන ගමනක අතර මග බර්ගර් එකක් කන්න තැනක් හොයා ගන්න කියන එක ටිකක් අමාරු වැඩක්. ඒ අතරින් රසවත් බර්ගර් එකක් කන්න තැනක් හොයා ගන්න එක තවත්ටිකක් අමාරු වැඩක්.ඉතින් මේ බර්ගර් චෙෆ් අවන්හල මේ මාතලේ නගරයේ රසවත් බර්ගර් පිරි නමන තැනක්.ඉතින් දුර ගමනක් අතර තුර රසවත් කෑමකට මෙතන ඉස්තරම්

වටපිටාව

burgerchef4

මෙතන පිහිටන්නේ මාතලේ නගරය මැදමයි.ඉතින් ටිකක් වටපිටාව කාර්‍ය බහුලයි.තුන් මහල් ගොඩනැගිල්ලේ ප්‍රධාන නුවර පාරට මුහුනලා පලමු මහලේ තමයි මේ අවන්හල පිහිටන්නේ. පාකිං පහසුකම නම් නැති තරම්.ඒ ක හඳා වාහනයක එනවා නම් වාහනය වෙන තැනක නවත්වලයි මෙතනට එන්න වෙන්නේ

මෙහි ඇතුලත ඉතාම අලංකාරවත්ව නිර්මානය කරලා තියෙනවා.ටයිල් ඇතිරූ පොලවක බිත්ති කහ පැහැයෙන් වර්න ගන්වලා.ඉතා සැපවත් පු‍ටු කුශන් කරලා තියෙනවා.දැවයෙන් කරපු මේසත් අවන්හලට අමුතු අලංකාරවත් බවක් එක් කරනවා.ඇතුලත සුදු පැහැයෙන් කුඩා ස්පොට් ලයිට් මගින් එලිය සකස් කර තිබෙනවා.අවන්හල ඇතුලත දැවමය ආවරන මගින් ආහර ගන්න මේස පු‍ටු වෙන් කරලා තියෙනවා.ඇතුලත ෆැන් හැම මේසයකටම වෙන්න වාගේ සවි කරලයි තියෙන්නේ. මෙතන ඉතා පිරිසිදුවට පවත්වාගෙන යන බවක් පේන්න තියනවා..

බඩජාරි මෙනුපත

burgerchef1

මේක බර්ගර් අවන්හලක්.සාමානය බර්ගර් අවන්හලක තියෙන්න ඌනි හැම බර්ගර් වර්ගයක් ම මෙහි තියනවා.චිකන් බීෆ් ‍ෆිශ් සහ වෙජි බර්ගර් ඔවුන්ගේ මෙනු පතේ ඇතුලත්.ඒ හැම්,අ එකක් ම රුපියල් 250-300 අතර මිල සීමාවේ පවතින්නේ.බර්ගර් වලට අමතරව ස්ටාර්ටර් ඇපටයිසර් විදියට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කනවා නම් 200ක් වෙනවා කුඩා ප්‍රමානය.බැටර් කරපු ෆ්‍රෛ චිකන් විංග්ස් 300යි.බැටර් කරපු ඉස්සෝ 400ක් වෙනවා.ඒ වගේම සුප් වර්ගත් බොන්න ගන්න පුලුවනි.මෙහි ඇත් ඔයිස්ටර් සමග ඇති සී ෆුඩ් සුප් එක ඉතා රසවත්.ඒක 160ක මිලක් වෙනවා.

burgerchef3

ඉහත කෑම වලට අමතරව ක්ලබ් සැන්ඩ්විච් චිකන් එග් සහ සැමන් රසයට කන්න ගන්න පුලුවන්.ඒවා 300-350 මිල සීමාවේ පවතින්නේ.මෙහි ඇති සවර්මා එකත් ඔබ මෙහි ආවොත් උත්සහ කරන්න හොඳ තේරීමක්.චිකන් සවර්මා එකක් 300ක් විතර වෙනවා.බීෆ් සවර්මා එකත් ඒ මිල ගනන් මයි.මේ දෙකේම ඇති තරම් මස් පිරවුමක් තියනවා.ඒ නිසා ගෙවන මිලට ඉතා සාධාරනයි.ඔබට මෙහි ආවොත් රයිස් ඇන්ඩ් කරි උනත් කෑමට ගන්න පුලුවනි.චිකන් කෑම එකක් 180ක් වෙනවා.ඒ වගෙම ෆ්‍රයිඩ් රයිස් බිරියානි වගේ කෑමත් මෙහි කන්න ගන්න පුලුවනි.

burgerchef2

සේවාව

මෙතන සේවාව ගැන නම් ඒ තරම් හොඳක් කියන්න අපහසුයි.මෙතනට ඇවිත් කෑම ඇනවුම් කරලා ඔබට සමහර විට විනාඩි 20ක් විතර ඉවසන්න වෙන්නත් පුලුවන්.නගරය මැද ටිකක් කාරය බහුල වෙනකොට ඒ වෙලාව තවත් වැඩි වෙන්නත් පුලුවනි.කොහොම උනත් එවෙලේ සාදන නිසා යම් පරක්කුවක් තිබෙන්න පුලුවනි.කොහොම උනත් ලොකු බඩගින්නක් තියන් මෙතනට ආවොත් ඔවුන්ගේ සේවා ප්‍රමාදය ඔබව කේන්ති ගස්සන්නට සමත් වෙන්න පුලුවනි.

මග

මෙතන තැන හොයා ගන්න එක නම් පහසුයි.තියෙන්නේ මාතලේ නගරය මැද.මාතලේ ඉඳන් නුවර පාරේ මීටර් දෙතුන් සීයක් එනකොට පාරෙන් වම් අත පැත්තේ ගොන්ගහවෙල පාරට හැරෙන තැනත් එක්කමයි Burger Chief Matale අවන්හල පිහිටන්නේ.

මෙතන දුරකථන අංකය වෙන්නේ 0662223400. ඔය අංකයට කතා කලොත් 1000ට වඩා වැඩි ඇනවුමකට නගරය අවට ඩිලිවරි සේවාවකුත් ඔවුන් පවත්වාගෙන යනවා.ඔබ දිගු ගමනක් අතර මග බර්ගර් එකක් කන්න හිතුනොත් මාතලේ නගරයේ පිහිටි බර්ගර් චෙෆ් එකට එන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *