කන්න බොන්න කලින් එන්න

Arabian Knights – Kollupitiya අගනුවර රසවත් මැදපෙරදිග කෑම අවන්හල ඇරබියන් නයිට්ස්

banner

විවිදාකාර අවන්හල් අතරින් වෙනස්ම තාලයේ අවන්හලක් ගැන තමයි අපි අද කියන්න යන්නේ.මේ අවන්හල ඇරබියන් නයිට්ස්.නමේ හැටියටම මේ අවන්හලේ තියෙන්නේ මැද පෙරදිග ක්‍රමයට හැදුනු රසවත් කෑම බීම.මැදපෙරදිග ජනප්‍රිය ගොඩක් කෑම වර්ග මෙතනට ආවොත් කන්න ගන්න පුලුවනි.ඔවුන් මේ කෑම වට්ටෝරු වලට යොදාගන්නේ මැදපෙරදිගින් ඇනවුම් කල රසකාරක.ඉතින් නියම විදියේ අරාබියානු කෑම වේලක් කන්න ඔබ එන්න හොඳම තැනක් තමයි ඇරබියන් නයිට්ස් කියන්නේ.

වටපිටාව

arabian1

මේ අවන්හල පිහිටන්නේ ජනාකීර්න කොල්ලුපිට්ය නගරයේ.මෙතන පාකිං පහසුකම් සඳහා කුඩා ඉඩක් තමයි තියෙන්නේ.ඔබ මෙහි එනවා නම් ඔවුන් ගේ පාකිං පහසුකම බලාපොරොත්තු නොවී එන එක හොඳයි.මොකද මෙතන් ගොඩක් වෙලාවට කාර්‍ය බහුල තැනක්.මේ කුඩා Parking ඉඩ ගොඩක් විටෙක වාහන වලින් පිරිලා තියෙයි.

මේ අවන්හලේ ඇතුලත ගහ්ට්තොත් මැදපෙරදිග රටක ඉන්නවා හා දැනෙන විදියට ඇතුලත සකසලා තියනවා කියන්න පුලුවනි.වෙනස්ම තාලයේ හැඟීමක් මේ ඇතුලත සැකැස්ම නිසා මේ අවන්හලට ඇතුලු වෙන හැමෝටම දැනෙන විදියට ඔවුන් අවන්හල ඇත්ල සකස් කරලා තියනවා.කහ පැහැයට හුරු උනු බිත්ති සහ කහ පැහැයෙන් ආලෝකමත් වෙන ආලෝක දාර වලින් රාත්‍රියට මේ අවන්හල අලංකාර වෙනවා.ඇත්ලත හොඳින් ඒ සී කරලයි තියෙන්නේ.පිලිවෙලට තබන ලද මේස සහ පු‍ටු දැවයෙන් කල ඒවාඅ.මේවයේ එකවර 10ක් 15කට උනත් ඉන්න පුලුවන් ලෙසට ඔබට සාදාගන්න පුලුවනි.

බඩජාරි මෙනුපත

arabian4

මෙතන මෙනු එක ටිකක් ලොකු එකක්.එහි ගොඩ අරාබියානු කෑම වර්ග තිබෙනවා.අරාබියේ ජනප්‍රිය  Fattoush, Hummus, Shawarma Umm Ali වගේ කෑම මෙහි ආවොත් ඔබට කන්න ගන්න පුලුව්නෛ.ස්ටාටර් විදියට රසවත් අරාබියානු සුප් වර්ග වගේම හොට් සහ කූල් විදියට ස්ටාටර් වග කන්න ගන්න මෙහි පුලුවන්.රසවත් සුප් එකක් විදියට ඔවුන් ගේ එලවලු සුප් එක කියන්න පුලුව්නෛ.මේ සුප් එක ටිකක් උකුයි.අපිට හුරු පුරුදු රසයක් තමයි මේ සුප් එකේඑ තියෙන්නේ.වෙජිටබල් සුප් එක චොප් කල කැරට් තක්කාලි ලූනු අල වල එකතුවක්.එහි ඒ තරම් ලොකු වෙනසක් නම් නෑ.ඒ වෙනුවට ඔබ චිකන් ශෝබ්‍රා හරි මට්න් ශෝබ්‍රා එකකට හරි ගියොත් අරාබිකරයේ ඇත්තම රස එක්ක සුප් එකක් බොන්න පුලුවනි.වෙජිටබ්වල් සුප් එකක් 410ක් වගේ වෙනවා.චිකන් ශෝබ්‍රා එකක් 440යි.හොට් ස්ටාටර් විදියට මෙහි තිබෙනවා චිකන් ලිවර් එක.එය ඉතාම රසවත්.මෙය හදන්නේ Pomegranate සෝස් යොදාගෙන.ඉතින් වෙනස් රසක් සහ ඔබ මෙහි ආවොත් හොඳ තේරීමක් තමයි මේ ඩිශ් එක.ඒකක් 640ක් වගේ වෙනවා.

arabian7

ගොඩ දෙනෙක් ඇරබියන් නයිටස් එන්නේ ඔවුන්ගේ සවර්මා කන්න ආසාවෙන් කිව්වොත් හරි.මේ අවන්හල ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය සවර්මා වලට.ඇරබික් සවර්මා ඩුබායි සවර්මා සහ සිරියන් සවර්මා කියලා සවර්මා කන්න ගන්න පුලුවනි.චිකන් හෝ බීෆ් පිරවුමක් එක්ක රොටියකින් වැහුනු මේ සවර්මා එක එක රස වෙනස් වෙන්නේ පිරවුමට එකතු කරන රස කාරක වලින්.මේ ඉහත ශවර්මා තරින් ඩුබායි ශවර්මා එක ඉතාම රසවත් කියන්න ඕනි.කොහොම උනත් ටිකක් ලොකු බඩජාරියෙක්ට නම් මේ සවර්මා එකක් නම් ප්‍රමානවත් වෙන්නේ නෑ.සවර්මා සාමානයයෙන් 400-550 වගේ මිල අතර තමයි මිලට ගන්න පුලුවන්.

arabian3

මීට අමතර්ව බර්ගර් වර්ග සබ්මැරීන් වගේම සැන්ඩ්විච් වර්ගත් විවිද නම් වලින් මෙහි කෑමට ගන්න පුලුවනි.අරාබි ක්‍රමයට හදන රයිස්වර්ගත් මෙහි ගනනාවක් තියෙනවා.ඒවා විවිද නම් වලින් යුක්තයි.මෙහි තියන බිරියානි එක ග්‍රිල් කල චිකන් කෑල්ලකුත් එක්ක තමයි හම්බවෙන්නේ.ඒක නම් එතරම් සුවිශේශි රසයක් නෑ.අපි නිතර කන බිරියානි රසම තමයි.ඒකක් 390ක් වගේ මිලක් වෙනවා.ඒ වගෙම මොක්ටෙල ශේක්ස් වර්ග ගනනාවකුත් ඔවුන්ගේ මෙනු එකට ඇතුලත්.

arabian2

බීම විදියට ගොඩක් බීම වර්ගත් ගන්න පුලුවනි.200-400 ත් අතර මිලකට තේ කෝපි කන්න ගන්න පුලුවනි.ඩෙසර්ට් විදියට UMM Ali එකක් මෙහි ආවොත් රස බලන්න.එය ඊජිප්තියානු කෑමක්.ගොඩක් අරාබියානුවන් ඩෙසර්ට් විදියට කන කෑමක් මේ අවන්හලේ ඒ රසයෙන් කන්න ගන්න පුලුව්නෛ.

සේවාව

මෙහි සේවාව විටෙක හොඳ පෙලක් විටෙක එතරම් හොඳක් නැති මට්ටමේ එකක්.විටෙක මෙහි එන ඔබට ඉතා ඉක්මනින් හොඳ ඉතාම සුහදදීලී පිලිගැනීමක් සමග රසවත් කෑම වේලක් කන්න ගන්න හැකියාව ලැබේවි.ඒත් පෙලක් වෙලාවට ඔබේ කෑම ඇනවුම විනාඩි 20ක් 30ක් ප්‍රමාද වෙන්නත් පුලුවනි.ගොඩක් වෙලාවට වේටර් වරු මත තමයි මේ දේ තීරනය වෙන්නේ.ගොඩක් කාර්‍ය බහුල වෙලාවක ඔබ මෙහි ආවොත් ඉඳගන්න තැනක් හොයාගන්නත් ටිකක් අපහසු වේවි.

මග

මේ අවන්හල පිහිටන්නේ ගාලු පාරේ.කොල්ලුපිටිය හංදියේ ඉඳන් 1.5 කිමි දුරකින් ගාල්ල පැත්තට වෙන්නයි මේ අවන්හල පිහිටන්නේ.කොල්ලුපිටිය හංදියේ ඉඳන් එනවා නම් මහානාම පසල එහෙම පහු වෙලා හම්බෙන 5 වෙනි ප‍ටුමගින් ගාලු පාරට ආව නම් එතනම අමානා බැංකුව ඉදිරියේ තමයි මේ අවන්හල පිහිටන්නේ.කොලඹ පැත්තට එනකොට පාරෙන් දකුනු අත පැත්තේ.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0112301031.ඔවුන් ඩිලිවරි සේවාවකුත් පවත්වාගෙන යනවා.මේ අංකයට අමතලා ඔවුන්ගේ රසවත් ආහාර කොලඹ සීමාවේ ගෙන්න ගන්නත් පුලුවනි..ඔවුන් දවල් 12 ඉඳන් රාත්‍රී 11 පමන වන තුරු විවුර්ථයි.දෙන්නෙක්ට මෙහි ඇවිත් කන්න 2000ක් වගේ මිලකට පුලුව්නෛ.ටිකක් විතර වෙනස් අත්දැකීමක් නිසා මේ මිලට මෙහි ආහාර වේලක් රස බලන එක ගෙවන මිලට වටිනවා.ඔබත් අරාබි රසට කෑම වේලක් කන්න හිතුනොත් එන්න කොල්ලුපිටියේ Arabian Knights එකට.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *