කන්න බොන්න කලින් එන්න

AMRO Vegetarian Cafe – Nugegoda දේශීය නිර්මාංශ කෑම වේලක් කන්න එන්න නුගේගොඩ අම්රෝ අවන්හලට

banner

නුගේගොඩ නගරයේ පිහිටි අව්න්හල් අතුරින් වෙනස්ම තාලයේ අවන්හලක් ගැන තොරතෘයි අද අපි ඔබට කියන්නේ.මේ අවන්හලේ නම අම්රෝ.අම්රෝ අවන්හලේ විශේශ්ත්වය තමයි ඔවුන් පිරිනමන්නේ නිර්මාංශ ආහාර .ඒ වගේම දේශීය ආහාර වලට වැඩි තැනක් ඔවුන් ලබා දෙනවා.ඉතින් අද අපේ මේ ලිපිය අම්රෝ අවන්හල ගැන.

වටපිටාව

amroo

මේ අවන්හල පිහිටන්නේ නුගේගොඩ බස් නැවතුම්පල අසලයි.ඉතින් වටපිටාව ටිකක් කාර්‍ය බහුල තැනක්.ඒ උනත් මෙහි තරමක පාකිං පහසුකම පවතිනවා.පාරට ආසන්නයේ පවතින නිසා ටිකක් දුහුවිලි ඇත්ලට එනවා නම් වැඩියි.ඒ කොහොම උනත් මේ අවන්හල ඇතුලත පිරිසිදුව පවත්වාගෙන යන්නට මෙහි සිටින කාර්‍ය මංඩලය වෙහෙසිලා කටයුත් කරන බව කියන්න පුලුවනි.ඇත්ලත විවුර්ථව තමයි මේ වන්හලේ තියෙන්නේ.වැඩි දෙනෙකුට මෙහි එකට ඉඳන් කෑම ගන පුලුවනි.ඒ සදහා ලොකු ඉඩ කඩක් පවතිනවා..ලීයෙන් කල මේස පු‍ටු වල හතරකට එකට වාඩි වෙන්න පුලුව්නෛ.මේ අවන්හල මැද පොකුනකුත් තියනවා.පෙනුමට අනික් හෝටල් අතරින් ටිකක් වෙනස් කියලා කියන්න පුලුවනි.

මෙනුපත

amro4

අපි කලිනුත් කිව්වා වගේ මෙතන දේශීය විදියට කෑම ජාති බොහොමයක් මිලට ගන්න පුලුවනි.උදෑසන වරුවකට බත් හරි ඉඳි ආප්ප පිට්‍ටු වගේ කෑම මෙතනට ආවොත් කන්න ගන්න පුලුව්නෛ.ඒ වගෙම ගුනවත් කොල කැඳ එකක් 40ක් වගේ මිලකට බොන්න ගන්නත් පුලුවනි.

amro3

දිවා ආහාරයට සම්බ බත් රත් හාලේ බත් බාස්මතී බත් වගේ විවිද වර්ගයේ බත් වර්ග කාන්න ගන්න පුලුවනි.මේ හැම එකකම මිල ගනන් වෙනස් වෙන්නේ අපි ඇනවුම් කරන බත් වර්ගය අනුවයි.මේ බත් එකක මිල ගනන් 140 ත් 200ත් අතර මිලක් තමයි වෙන්නේ.ගොඩක් වෙලාවට ගමේ රසට ව්‍යාංජන කන්න ගන්න පුලුවනි.කොස් මාලුවක් ඇඹ‍රැල්ල මාලුවක් පොලොස් ගැට මාලුවක් වගේ නම් වැරදෙන්නේ නෑ.ඒ වගෙමයි රසවත් කොල මැල්ලුමකුත් කෑම් පිඟාන්ට අනිවාර්‍යයි.

amro5

රාත්‍රී වරුවකට ඔබ මෙහි එනවා නම්කුරක්කන් පිට්‍ටු,ආප්ප ,ඉඳි ආප්ප,පොල් රොටී,පිට්‍ටු වගේ කැම කන්න ගන්න පුලුව්නෛ.කිරි හොද්දක් එක්ක ලුනු මිරිස් රහට පිට්‍ටු මෙතන්ට ආවොත් හොඳ ‍තෝරාගැනීමක් කියන්න පුලුවනි.මීට අමතරව කොත්තු ,නූඩ්ල්ස්,පැස්ටා ,මැකරෝනි වගේ කැමත් කන්න ගන්න පුලුවනි.ප්‍රධාන වේල් වලට අමතරව සැන්ඩ්විච් වර්ග ශෝට් ඊට් සහ බීම වර්ග ගනනාවක් ඔවුන්ගේ මෙනු පතේ තියනවා.

amro1

කොහොම උනත් මෙතන කෑම වල සුවිශේශී රසයක් නම් නෑ.සාමානය රසයක් තමයි තියෙන්නේ.ඒ වගෙම කියන්න ත්‍රම් නරකක් නෑ.කැම ටික පිරිසිදුයි.

සේවාව

මෙතන බහුතරයක් ඉන්නේ කාන්තාවන් තමයි සේවයට.ඔවුන් ගේ සේවය ගැන එතරම් ලොකු දෙයක් නම් කියන්න නෑ.මෙතන ගොඩක් වෙලාවට ලොකු තදබදයක් ඇති තැනක් නෙවෙයි.ඒ වෙජිටේරියන් අවන්හලක් නිසා වෙන්න ඇති.ඒ නිසා ඔබ මෙහි ආවොත් වැඩි ප්‍රමාදයක් නැතුව ඔබට අවශ්‍ය දේ ‍රැගෙන යන්න හරි මෙතන ඉඳන් කන්න හරි පුලුවනි.

මග.

මේ අව්න්හල පිහිටන්නේ නුගේගොඩ නගර මැද.හරියටම කියනවා නම් නුගේගොඩ ප්‍රධාන බස් නැවත්මේ ඉඳන් පරන කැස්බෑව පාර පටන් ගන්න කොටම පාරෙන් දකුනු අත පැත්තට වෙන්නයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හල උදේ 7 විතර ඉඳන් රාත්‍රී 8 පමන වෙනතුරු විවුර්ථයි.මෙතන දුරකථන අංකය වෙන්නේ 0114343366.දෙදෙනෙක් ආහාර ගන්න එනවා නම් රුපියල් 500කින් බඩ පිරෙන්න කන්න ගන්න පුලුවනි.ඔබත් නුගේගොඩ පැත්තේ ආවොත් ගුන්දායී ආහාර වේලක් කන්න ගන්න AMRO Vegetarian Cafe එකට එන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *