කන්න බොන්න කලින් එන්න

88 Chinese Seafood House – Havelock Town රසවත් චීන කෑම පිරි නමන 88 චයිනීස් සීෆුඩ් අවන්හල

banner

88 චයිනීස් සීෆුඩ් අවන්හල කියන්නේ අගනුවර තියන තවත් එක රසවත් චීන කෑම පිරි නමන අවන්හලක්.ගොඩක් චීන ජාතිකයන් පවා මෙතනට ඇවිත් ආහාර රස විඳින එක සුලභ දෙයක්. ඒ ඇත්තටම මෙහි රසවත් චීන කැම ආහාරයට ගන්න පුලුවන් නිසා වෙන්න ඕනි.මේ අවන්හල ඉතාමත් පැරනි අවන්හලක් . ඒ වගේම චීන රස ආහාර වලට කැමති ගොඩ දෙනෙක් දන්න කියන තැනක් තමයි 88 චයිනීස් සී ෆුඩ් අවන්හල කියන්නේ.

වටපිටාව

882

මෙතන ඇතුලත ඇතුලත ඉතා අලන්කාරවත්ව පිලිවෙල වෙලා තියනවා.ඇතුලත ට ආවම ප්‍රසන්න හැ‍ඟෙමක් ඇති වෙන විදියට ඇතුලත සකස් වෙලා.මේස සහ පු‍ටු උනත් සැප පහසුයි. ඒත් ඒවා එක ලඟ ලඟ අසුරලා තියෙන්නේ.ටිකක් ඇතුලත හිර වෙලා වගේ ගතියක් නම් දැනෙනවා.ගොඩක් මේස වල 4 දෙනෙක්ට ඉන්න පුලුවන්. ඒවගේම කැරකෙන වීදුරු මේස එහෙමත් තියෙනවා.කන්න වගේම බොන්නත් තියන නිසා කැරකෙන වීදුරු මේස බොන්න වාඩිවෙන්න හොඳයි.හොඳට වායු සමනය කරලා තිබෙන්නේ ඇතුලත.කොහොම උනත් කාර්‍ය බහුල වෙලාවන්ට නම් මෙතන ටිකක් සද්ද බද්ද වැඩියි.

මෙතන පාකින් වලට සැලකිය යුතු ඉඩක් තිබුනත් ගොඩක් වෙලාවට ඒ ඉඩ පිරිලයි තියෙන්නේ.

බඩජාරි මෙනු පත

884

මෙතන ස්ටාටර් වලින් පටන් ගත්තහම ලොකු මෙනු එකක් තියනවා.සුප් වර්ග කකුලු කැම, ඉස්සෝ දැල්ලෝ මාලු චිකන් බැටලු මස් බීෆ් පෝක් වගේම එලවලු කැම රය්සි සහ නූඩ්ලෙස් වර්ග විශාල මෙනු එකක් මෙහි තියනවා.ඩෙසර්ට් පලතුරු බීම සහ වෙනත් බීම ජාතිත් ගොඩායි.ගොඩක් කෑම චීන ක්‍රමයට හදන ඒවා.ඒ වගේම බහුතරයක් මෙහි මෙනු එකේ කැම වල මිල අංක 8න් ඉවර වෙන්නේ.

885

රයිස් වර්ග සහ නූඩ්ල්ස් කුඩා පෝශන් වර්ග 500 ත් 650ත් අතර මිල සීමාවේ තමයි පවතින්නේ.ඒ වගෙම ඔබ නිර්මාංශිකයෙක් නම් නිර්මාංශ චීන ආහාර වේලක් 400ත් 600 ත් අතර මිලකට ලබා ගන්න පුලුවන්.මේ කැම වල ගනන් නම් ඉතා සාදාරනයි.කොහොම උනත් බීම වර්ග වල නම් ටිකක් වැඩියි.ලෙමනේඩ් වීදුරුවක් 178ක් වෙනවා..කෝක් 178ක් .ඒ වගේම කුඩා පානීය ජලය බෝතලයක් 148ක් වෙනවා.ඒ ගනන් නම් ටිකක් වැඩියි.

883

මෙහි ආවොත් ඔබට උත්සහ කරනවා නම් සිංගපූරු පන්නයේ කකුලු දීසිය ඉතා රසවත්.hot butter cuttle fish රසත් ඉස්තරම්. නියම චීන කට්ල් ‍ෆිශ් දීසියක රස එහි ඇතුලත්.ඒ වගේම ස්පයිසි ෆ්‍රයිඩ් චිකන් එකක් කනවා නම් ඒකත් හොඳ තේරීමක්.ඒත් එක්ක මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකත් හොඳින් ගැලපෙනවා.ඒ වගේමයි දුම් දමන ඌරු මස් එක්ක සුදු ලූනු සෝස්.තවත් ඔබ උත්සහ කරනව නම් නූඩ්ල්ස් වර්ගත් ඉතාම රසවත්.ගොඩ දෙනෙක් මෙහි චීන නූඩ්ල්ස් වර්ග වලට කැමතියි

කැම වගේම බීම උනත් මෙහි ගන්න පුලුවන්.ලයන් ලාගර් වගේ ලාංකීය බියර වර්ග වගේම විදේශ බියර් වර්ගත් එහි තියෙනවා. ඒවගෙම ඔස්ට්‍රලියන් වයින් ඉතාලියානු වයින් ප්‍රංශ වයින් වගේ වයින් වර්ගත් මෙහි බීමට ගන්න පුලුවන්.

දෙන්නෙක්ට කෑම වෙලකට 2000ක් වගේ මිලක් වේවි.ඒ ගාන අනික් අගනුවර චීන කඩ වලට අනුව ගත්තොත් මැද රේන්ජ් එකේ තමයි පවතින්නේ.

සේවාව

මෙතන සේවාව හොඳයි.හොඳින් මිත්‍ර ශීලී නොවුනත් විගහට ඔබට ඕනි කෑම මේසයට ලැබේවි එය විනාඩි 5ත් 7ත් අතර කාලයක්.ඔවුන් බිල කාඩ් මගින් ගෙවන්න පුලුවන්.හැම දේම ඉක්මන්.

මග


මෙතන  හොයා ගන්න ලේසියි.කො‍ටුව පැත්තේ ඉඳන් එකසිය තිස් අට පාරේ නුගේගොඩ පැත්තට එනකොට තුම්මුල්ල මංසන්දියෙන් ඇවිත් පොලිස් පාක් වලට ආව නම් හරි.මෙය තියෙන්නේ පොලිස් පාක් ඉදිරිපස පාරේන් දකුනු අත පැත්තේ.හොයා ගන්න එක අපහසු නෑ.

විවුර්ථ වෙලාවන්

1:00 AM – 02:30 PM, 06:30 PM – 10:30 PM

දුරකථන

(011) 259-3017

(011) 451-6488

ඔබට කුඩා පහේ පාටියකට හරි මිතුරන් සෙට් එකක් එක්ක කතා බහකට හරි ඔ‍ෆිස් එකේ අයත් එක්ක ඩිනර් අවුට් එකකට හරි මෙතන හොඳයි.ෆැමිලි එකකට හරි කපල් එකකට හරි නම් මෙතන ඒ තරම් හොඳ නේ.ඒ මොකද දුම් පානය සහා බීමටත් මෙතන අවසර ඇති නිසා.කොහොම උනත් නියම චීන ආහර වේලක රස බලන්න ඔබට ඇවිත් යන්න හොඳ තැනක් තමයි 88 අවන්හල


Leave a Reply

Your email address will not be published. Required fields are marked *