කන්න බොන්න කලින් එන්න

යාපනයේ ඇවිත් අමතක නොවෙන රසවත් කෑම වේලක් කන්න එන්න 11 to Eleven Pizza Restaurant

banner

යාපනය නගරය දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙකුගේ සංචාරක ආකර්ශනයට ලක් වෙන නගරයක්.සති අන්ත සහ පාසල් නිවාඩු කාල වලට දකුනේ සංචාරකයන් බොහොමයක් මෙහි සුන්දර තැන් නරඹන්න පැමිනෙනවා.ඔබත් මෙහෙම් යාපනයේ නගරයේ සංචාරයකට කටට රසට කෑම වේලක් කන්න යන්න හොඳ අවන්හලක් ගැන කියන්නයි අපි මේ උත්සහය.මේ අවන්හල නමින් ලෙවන් ‍ටු ලෙව්න් පීසා අවන්හල.උදෑසන එකොලහේ ඉඳන් රාත්‍රී එකොලහ වෙනතුරු අවන්හල විවුර්ථව තියන නිසාවෙන් ඒ තේරුමත් එක්ක තමයි මේ අවන්හලට නම වැටිලා තියෙන්නේ.

වටපිටාව

මේ අවන්හල සමස්ථයක් ඉදියට ගත්තහම ඉතා පිරිසිදුයි.අවන්හල ඇතුලත ගෙදරක් ආකරයෙන් තමයි ත්යෙන්නේ. ඒ නිසා ඔබට පුන්චි පහේ පාටියකට මීටිමකට උනත් මෙහි තැනක් වෙන් කරගන පුලුවන්.ඒ වගේම පුන්චි පහේ උපන්දින සාදවලටත් මොවුන් සේවාව සලසනවා.වායු සමීකරනය කල ශාලා පහසුකමත් මෙහි ලබා ගන්න හැකියි.

මෙනුපත

අවන්හලේ නමත් පීසා සම්බන්ද නිසා වෙන් මෙහි ලොකු පීසා මෙනු එකක් තියනවා.. බොහෝ පීසා අවන්හල් වගෙම මෙහි වෙජි පීසා ඩෙවල් චිකන් පීසා ,චීස් පීසා වර්ග කන්න ගන්න හැකියි. ලෙවන් ‍ටු ලෙවන් ස්පේශල් නමින් වෙනම මෙනු එකක තන්දුරි චිකන් පීසා,ගාලික් පීසා චිකන් සොසේජස් පීසා වගේ පීසා වර්ගත් කන්න ගන්න පුලුවන්.ඒ වගෙම ඉටලියන් චොයිස් නමින් ඉතාලියානු පීසා වර්ග විදියට මාගරීටා,ඉතාලියානෝ බාබකිව් ච්කන් පීසා වගේ පීසා වර්ගත් කන්න ගන්න පුලුවන්.මෙහි ඇවිත් රස බලන්න හැකි විශේශිත පීසා මෙනු එකක් තියනවා.එය නමින් ජැෆ්නා ස්ටයිල්.වෙජිටේරියන්,ඩෙවල් චිකන් ‍ෆිශ් ෆ්‍රයි,මික්ස්ඩ් ,සී ෆුඩ් වගේ ක්‍රම වලට යාපනයේ කෑම හැදෙන රසට සමාන රසයෙන් පීසා එකක් රස බලන්නත් මෙහි ආවොත් ඔබට හැකියි.

පීසා මෙනු එකට අමතරව සුප් වර්ග, බිරියානි රයිස් ඇන්ඩ් කරි, රයිස් වර්ගත් කන්න ගන්න පුලුවන්.යාපනේ විදියට හදාපු මට්න් කරියක් එක්ක රයිස් ඇන්ඩ් කරි එකක් කන්න පුලුවන් නම් එය ඉතා රසවත් අත්දැකීමක්.යාපනේ ක්‍රමයට රසම රස මට්න් කරිය වගේම අනෙකුත් මාලු පිනිත් එක්ක මේ කැම එකක් 400ක් ව්ගේ වෙනවා.මේ විදියට රයිස් ඇන්ඩ් කරි තියෙන්නේ දවල් වරුවට විතරයි.සවස් වරුවකට මෙහි එනවා නම් රසවත් කොත්තුවක් එක්ක තේකක් කෝපි එකක් බොන්න පුලුව්න් නම් ඒකත් හොඳ ‍තෝරාගැනිම්මක්.ටිකක් කට්ට් සැර්ට කොත්තුව දැනුනත් ඒකත් රසින් නම් ඉස්තරම්.

මේවට අමතරව පලතුරු බීම වර්ගත් පානයට ගන්න පුලුවන්.ඒ වගේමයි ඩෙසර්ට් වලට වටලප්පම් අයිස් ක්‍රීම් පලතුරු සැලඩ් වගේම රසම රස යාපනේ මීකිරිත් මෙහි ආවොත් ඔබට රස බලන්න පුලුවන්.

 

සේවාව

මෙහි හොඳ සේවාවකුත් සලසනවා.තා ඉක්මනට අපිට ඕනිකරන කෑම මේසයට ඉකමනට ලබාදෙන්න මෙහි කාර්‍ය මංඩලය යුහුසුලුව කටයුතු කරනවා.ප්‍රධන කලමනාකරු ත් මෙහි යන එන අයත් එක්ක සුහද්ව් කතා බහ කරලා කටයුතු කරනවා.පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ භාශාව තමයි.කොහොම උනත් ඉංග්‍රීසියෙන් අපිට ඕනි කෑම ඇනවුම් කරගන්න පුලුවන්.

 

ගමන්මග

මේ අවන්හල යාපනය නගර ම්ද්්‍යයේ ඉඳන් කිලෝමීටර් 2ක් දුරිනුයි පිහිටන්නේ.නගරයේ ඉඳන් පලාලි පාරේ ටික දුරක් එනකොට හමුවන පරමේශ්වර හංදියේ ඉඳන් මීටර් 200ක දුරුන් පාරෙන් වම් පැත්තේයි මේ අව්වන්හල පිහිට්න්නේ.එක් වරම් හොයා ගන්න එක නම් එතරම් අපහසු දෙයක් නෙවෙයි.මොකද මේ අවන්හල ප්‍රධාන පාරට මායිම්ව එක් කොටසකුත් තවත් කොටසක් ඇතුලට වන්නටත් පිහිටනවා.ඇතුලත පිහිටි කොටසේ තමයි ප්‍රධාන අවන්හල පිහිටනේ.

යාප්නයේ ඇවිත් කටට් රසට කෑම ටිකක් කන්න 11 ‍ටු ලෙවන් අවන්හල ඉතා හොඳ ‍තෝරාගැඊමක්.මෙහි දුරකථන අංකය වෙන්නෙ 0212216700 නැත්නම් 0777444225.මෙහි ඇවිත් කෑම වේලක රස බලනවා වගේම පැමින ‍රැගෙන යාමටත් යාපනය නගර සීමාව අවට ඩිලිවරි කරගීඅනීමටත් හැකියි.ඒ වගේඅ 11 ‍ටු ලෙවන් නමින් කේඅරින් සේවාවකුත් ඔවුන් අවත්වාගෙන යනවා.ඔබත් යාපනයේ සංචාරයකට ආවොත් බඩපිරේන්න කටට රසට කෑම වේලක් ගන්න 11 To Eleven Pizza  අවන්හලට ගොඩ වෙන්න අමතක කරන්න් එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *